News

09 වන ලෝක ආයුර්වේද සම්මේලනය ඉන්දියානු අගමැති ගරු නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
- Post Updated OnFebruary 12, 2023
දෙසැම්බර් මස 08 වන දින සිට 11 වන දින දක්වා ඉන්දියාවේ ගෝවා ප්රාන්තයේ පන්ජිම් කලා ඇකඩමියේදී පැවැත්වූ අතර ඔවුන්ගේ නිල ආරාධනය පරිදි ශ්රී ලංකාව නියෝජනය කරමින් ගරු දේශීය වෛද්ය රාජ්ය අමාත්ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමා, සෞඛ්ය අමාත්යාංශ ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත, ආයුර්වේද කොමසාරිස් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන, කොළඹ විශ්ව විද්යාලයේ දේශීය වෛද්ය විද්යායතනයේ අධ්යක්ෂ මහාචාර්ය ප්රියාණි පරණගම යන මහත්ම මහත්මීන් ඇතුළුව සෞඛ්ය හා දේශීය වෛද්ය අංශ නියෝජනය කරමින් විද්වතුන් සහභාගී විය.
මෙම සම්මේලනය සඳහා රටවල් 54 ක් නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී වූ අතර, එහිදී ආයුර්වේද ක්ෂේත්රය සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණ පිළිබඳ පර්යේෂණ පත්රිකා 3000 කට අධික ප්රමාණයක් එළි දැක්වීම සිදු කෙරිණ. එමෙන්ම මෙම සම්මේලනය තුළදී ශ්රී ලංකාවේ දේශීය වෛද්ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් සිදු කරන ලද සාකච්ඡාමය වැඩසටහන් මගින් ඉන්දියානු රජය විසින් ශ්රී ලංකාවේ සිසු සිසුවියන් වෙත පිරිනමනු ලබන පූර්ණ අනුග්රාහක පශ්චාත් උපාධි ශිෂ්යත්ව අවස්ථා වැඩි කර ගැනීම, ඉන්දියානු විශ්ව විද්යාල සමග අන්තර් සම්බන්ධතා වැඩි දියුණු කිරීම, ද්වි පාර්ශවීය වෙළෙඳ අවස්ථා පුළුල් කරලීම, ඉන්දියානු වෙළෙඳපොළ වෙත දේශීය නිෂ්පාදන සහ අමු ද්රව්ය ඉදිරිපත් කිරීමේ අවස්ථා පුළුල් කරලීම ඇතුළු ආයුර්වේද ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් බලපාන්නා වූ ජයග්රහණ රැසක් ශ්රී ලංකාව වෙත අත්පත් කර ගැනීමට හැකියාව උදා වූ අතර ලෝක සෞඛ්ය සංවිධානයේ උපදෙස් හා මඟ පෙන්වීම මත දේශීය වෛද්ය ක්රමය රටේ ජාතික වෛද්ය ක්රමය සමග ඒකාබද්ධ කරලීම පිළිබඳවද මෙහි දී දීර්ඝ ව සාකච්ඡා කෙරිණ.
-
දේශීය වෛද්ය ක්රමයේ විප්ලවීය පරිවර්තනයක්!10 Feb 2023 News
-
ඊයේ දේශීය වෛද්ය ක්රමයේ විප්ලවීය පරිවර්තනයක් කරා ගමන් කළ දිනයකි.10 Feb 2023 News
-
09 වන ලෝක ආයුර්වේද සම්මේලනය ඉන්දියානු අගමැති ගරු නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්10 Feb 2023 News
-
ඉන්දියාවේදී හෝමියෝපති වෛද්ය උපාධිය හැදෑරීම උදෙසා ශ්රී ලාංකික සිසු සිසුවියන් දස දෙනෙකු සඳහා ශිෂ්යත්ව සහ ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම අද 09/02 දින අමාත්යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණ.10 Feb 2023 News