News

ඊයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ විප්ලවීය පරිවර්තනයක් කරා ගමන් කළ දිනයකි.
- Post Updated OnFebruary 12, 2023
දේශීය වෙදකම ජාත්යන්තරය වෙත රැගෙන යාමේ අරමුණ පෙරදැරිව දේශීය වෛද්ය ක්ෂේත්රයේ පර්යේෂණාත්මක ප්රකාශන සහිත ආයුර්වේද සමීක්ෂා ශාස්ත්රීය ග්රන්ථය එළි දැක්වීමත්, බටහිර රටවල් විසින් ලබා ගෙන තිබූ දේශීය අනන්යතාවයක් සහිත ශාක වල ක්රියාකාරී ඖෂධ සංයෝග වල අයිතිය යළි අප රටට ලබා ගැනීමේ අරමුණින් ආයුර්වේද ඖෂධ සංග්රහය ඩිජිටල්කරණය කර වෙබ් අඩවියක් මගින් එළි දැක්වීමත් ඊයේ (10) දින ගරු අග්රාමාත්යතුමන්ගේ සුරතින් අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණ.
එමෙන්ම අපගේ පාරම්පරික වෙදකමත් ආයුර්වේද වෙදකමත් ජාත්යන්තරය වෙත ඩිජිටල්කරණය තුළින් සමීප කරලීම වෙනුවෙන් “වෙදවරු” ජංගම දුරකථන යෙදවුම එළි දැක්වීමද සිදු කෙරිණ. පාරම්පරික, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, චීන කටුචිකිත්සා වෛද්යවරු වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ලංකාවේ එකම ජංගම දුරකථන යෙදවුම ලෙස මෙය හඳුන්වා දිය හැක. ලොව කුමන ස්ථානයක සිටියත් එම පුද්ගලයා හට “වෙදවරු” ජංගම දුරකථන යෙදවුම හරහා තම රෝගයට අදාළ වෛද්යවරයා චැනල් කිරීමේ පහසුකම හිමිවන අතර, වෛද්යවරුන් වෙනුවෙන් නිර්මාණය කළ ජංගම දුරකතන යෙදවුම හරහා ඔවුන්ගේ වෛද්ය මධ්යස්ථානය හෝ රෝහලේ සියලු කටයුතු ඩිජිටත් තාක්ෂණය යටතේ පවත්වාගෙන යාමේ හැකියාව හිමිවේ.
“වෙදවරු” යෙදවුම තුළින් ඉදිරියේදී විදේශ සංචාරකයින් මෙරටට ආකර්ශණය කරගැනීමේ හැකියාවත්, අපගේ පාරම්පරික වෙදකමටත්, ආයුර්වේද වෙදකමටත් තාක්ෂණය තුළින් නව මංපෙත් විවර කරලීමේ හැකියාවත් උදා කරලනු ඇත.
“වෙදවරු” යෙදවුම එක Download කර ගැනීම සඳහා පහත සබැඳියෙන්,
-
දේශීය වෛද්‍ය ක්‍රමයේ විප්ලවීය පරිවර්තනයක්!10 Feb 2023 News
-
ඊයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ විප්ලවීය පරිවර්තනයක් කරා ගමන් කළ දිනයකි.10 Feb 2023 News
-
09 වන ලෝක ආයුර්වේද සම්මේලනය ඉන්දියානු අගමැති ගරු නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්10 Feb 2023 News
-
ඉන්දියාවේදී හෝමියෝපති වෛද්ය උපාධිය හැදෑරීම උදෙසා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් දස දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව සහ ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම අද 09/02 දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණ.10 Feb 2023 News