News

දේශීය වෛද්‍ය ක්‍රමයේ විප්ලවීය පරිවර්තනයක්!
- Post Updated OnFebruary 12, 2023
අනාදිමත් කාලයක සිට දේශීය මූලයන්ගෙන් පැවත එන වෛද්ය කර්මය හෙළයේ මනුෂ්ය වර්ගයාගේ පමණක් නොව සත්ව සංහතියේද නිරෝගීභාවය පිණිස දායක වූ බව නොරහසකි.
එකල පටන් රාජ්යත්වයේ අනුග්රහය ලත් හෙළ වෛද්ය කර්මය අධිරාජ්යවාදීන්ගේ පැමිණිමත්, නාගරිකරණය, බටහිරකරණය වැනි ක්රියාවලින්ගේ බලපෑමත් හේතුවෙන් සමාජයෙන් ගිලිහී ගිය බවක් දක්නට ලැබුණි.
එහෙත් මෑතකදී ලොව වෙළා ගත් කොවිඩ් වසංගතයත් සමග බටහිරකරණය වූ වෛද්ය කර්මයන්ගේ සාර්ථකභාවයේ පසුබෑමත්, දේශීය වෛද්ය ක්රමයන්ගේ පිබිදීමත් සනිටුහන් වූ බව කිව මනාය.
මෑත භාගයේ සිට පාරම්පරික හා දේශීය වෛද්ය කර්මයට රාජ්ය අනුග්රහය නිරන්තරයෙන් ලැබෙමින් පවතින අතර එහි නවමු පරිච්ඡේදයක් ආරම්භ වීම අප ලැබූ භාග්යයකි.
පාරම්පරික හා දේශීය වෛද්ය ක්ෂේත්රය පිළිබඳව මහජන දැනුම පුළුල් කිරීම සහ යාවත්කාලීන කිරීමේ අරමුණින් දේශීය වෛද්ය රාජ්ය අමාත්ය ගරු නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව එම අමාත්යාංශය මේ වන විට වැඩසටහන් රාශියක් ක්රියාවට නංවා ඇත.
එහි තවත් එක් පියවරක් ලෙස එතුමන්‌ගේ ආරාධනයෙන්, ගරු අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් 2023 ජනවාරි මස 10 වන අඟහරුවාදා දින අරලියගහ මන්දිරයේදී නවමු වැඩසටහන් කිහිපයක් කලඑළි දැක්වීමට නියමිතය.
එහි ප්රමුඛ කාර්යයක් ලෙස දේශීය වෙදකම ජාත්යන්තරය වෙත රැගෙන යාමේ අරමුණ සහිතව දේශීය වෛද්ය ක්ෂේත්රයේ පර්යේෂණාත්මක ප්රකාශන සහිත ආයුර්වේද සමීක්ෂා ශාස්ත්රීය ග්රන්ථය එළි දැක්වීම සිදු කරනු ඇත.
මේ වන විට දේශීය අනන්යතාවයක් සහිත ශාක වල ක්රියාකාරී ඖෂධ සංයෝග වල අයිතිය බොහෝමයක් බටහිර රටවල් විසින් ලබා ගෙන තිබීම මහත් වූ අවාසනාවකි. එබැවින් අප රටට ආවේණික වූ ශාක වල ක්රියාකාරී සංයෝග වල අයිතිය අප රටට ලබා ගැනීමේ අරමුණින් ආයුර්වේද ඖෂධ සංග්රහය ඩිජිටල්කරණය කර වෙබ් අඩවියක් මගින් එළි දැක්වීමද හෙට දිනයේදී සිදු කරනු ඇත. එමගින් අපගේ බුද්ධිමය අයිතිය සුරක්ෂිත කර ගැනීමට අපට හැකියාව උදා වනු ලබයි.
මෙලෙසින් නොනැසී පවත්වාගෙන එනු ලබන ආයුර්වේද, දේශීය, සාම්ප්රදායික වෙද මහතුන් හා ආයුර්වේද වෛද්යවරුන් ඔවුනට හිමි සමාජීය ස්ථානයේ රඳවා තබා ගැනීමට අප රටක් විදියට සැම විටම ක්රියාත්මක විය යුතු බව මැනවින් පසක් කර ඇත්තෙමු. ස්නායු, බාල, අක්ෂි, කැඩුම් බිඳුම්, චර්ම, විදුම් පිළිස්සුම් ඇතුළු සියලු සර්වාංගික රෝග සඳහා විශේෂිත ආයුර්වේද වෛද්යවරුන්, දේශීය වෙද මහතුන්, සමාජගත කිරීමට නිවැරදි පීඨිකාවක් නොවීම හේතුවෙන් රටක් විදියට ප්රතිකාර සඳහා අධික පිරිවැයක් දැරීමට අපට සිදු වී ඇත. එබැවින් ඉහත පරිදි වූ පීඨිකාව සකසා දීම තුළින් තම රෝගයනට දේශීය, ආයුර්වේද ප්රතිකාර ලබා ගැනීම නවීන තාක්ෂණික ක්රම ඔස්සේ අතමානයෙන් ළං කර දීම සඳහා ඒ වෛද්යවරුන් සමාජගත කිරීම කළ යුතුම මෙහෙවරක්න වන අතර නවීන සන්නිවේදන තාක්ෂණය දේශීය, ආයුර්වේද වෛද්ය අංශය හා ඒකාත්මික කොට ඇඟිලි තුඩු අගින් ප්රතිකාර ගත යුතු සුදුසුම වෛද්යවරයා සොයා යෑමේ වෙදවරු නම් ජංගම දුරකථන යෙදවුමද හෙට දින දැයට දායාද වනු ලබයි.
-
දේශීය වෛද්‍ය ක්‍රමයේ විප්ලවීය පරිවර්තනයක්!10 Feb 2023 News
-
ඊයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ විප්ලවීය පරිවර්තනයක් කරා ගමන් කළ දිනයකි.10 Feb 2023 News
-
09 වන ලෝක ආයුර්වේද සම්මේලනය ඉන්දියානු අගමැති ගරු නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමාගේ ප්රධානත්වයෙන්10 Feb 2023 News
-
ඉන්දියාවේදී හෝමියෝපති වෛද්ය උපාධිය හැදෑරීම උදෙසා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් දස දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව සහ ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම අද 09/02 දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණ.10 Feb 2023 News