මඩකලපුව සහ අම්පාර දිස්ත්රිසක් ආයුර්වේද සංරක්ෂණ සභා සව්බල ගැන්වීමේ ජාතික වැඩසටහන්

පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කිරීම සහ පාරම්පරික වෛද්‍යවරයාගේ ජීවන තත්වය නඟාසිටුවීමේ අරමුණින් සිදු කරන ලබන ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව පවත්වන දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ තවත් වැඩසටහන් ද්විත්වයක් 2024.05.29 සහ 30 දෙදින මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ අම්පාර දිස්ත්‍රක්යේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාරම්පරික වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

මෙහිදී, එම වෛද්‍යවරුන් මුහුණපා ඇති ගැටළු නිරාකරණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හඳුනාවාදීම සහ ඖෂධ නිෂ්පාදනය හා ඒ හා සැබැඳි ගුණාත්මක තත්වය ඉහල නංවාලීමේ ක්‍රමවේදයන් පිළිබඳ දැනුවත් කිරීම සිදු කරන ලදී.

මීට අමතරව බෝ නොවන රෝග පාලනය සඳහා පෝෂණීය මැදිහත් වීම යටතේ මහජනතාව දැනුවත් කිරීම සඳහා වස විසෙන් තොර පෝෂණීය දේශීය ආහාර ජනතාව අතරේ ප්‍රචලිත කිරීමේ අරමුණින් පවත්වන ලද ආහාර ප්‍රදර්ශණයක් සහ පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැමිණි සිටි මහජනතාව සඳහා වෛද්‍ය සායනයක් ඇතුළු වැඩසටහන් මාලාවක් එම දෙදින තුල සංවිධානය කර තිබුණි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top