හෙළ වෙද රුවනාර වැඩසටහන යටතේ වයස අවුරුදු 70 ඉක්මවූ කෘතහස්ත පාරම්පරික වෛද්‍යවරුන් වෙත ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ….

ශ්‍රී ලංකාවේ  පාරම්පරික වෛද්‍ය උරුමයන් සුරක්ෂිත කරලීමේ අරමුණින් වයස අවුරුදු  70 ඉක්මවූ කෘතහස්ත පාරම්පරික වෛද්‍යවරුන් වෙත ආයුර්වේද වෛද්‍ය සභාවේ  ලියාපදිංචිය ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ක්‍රියාවට නංවා තිබේ .

ඒ අනුව සුවිශේෂී වෛද්‍ය ප්‍රතිකාරයන් තුළින් රෝගීන් සුවපත් කරලන වයස අවුරුදු 70 ඉක්මවූ සුදුසුකම් සපුරාලන ලද මාතලේ දිස්ත්‍රික්කයේ කෘතහස්ත පාරම්පරික වෛද්‍යවරුන් 5 දෙනෙකු වෙත ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතික පත් පිරිනැමීම මාතලේ තැන්න ආයුර්වේද රෝහලේදී 2024.05.11 දින දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  සිදුකෙරින.

ආයුර්වේද වෛද්‍ය සභාවේ සේවාවන් වඩාත් පුළුල් කරලීමින් පාරම්පරික වෛද්‍යවරයා වෙත ගොස් එහි සේවාවන් ලබාදීමේ වැඩපිළිවෙළ මත මාතලේ දිස්ත්‍රික්කයේ පාරම්පරික සර්වාංග රෝග එක් වෛද්‍යවරයකු වෙත මෙන්ම කැඩුම් බිඳුම් වෛද්‍යවරුන් තුන්දෙනෙකු සහ සර්ප විෂ වෛද්‍යවරයෙකු  වෙත  ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම එහිදී සිදුවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top