mimadmin

සුදුසුකම්ලත් පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 51 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා සුදුසුකම්ලත් පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 51 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජජකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම නාවින්නේ පිහිටි දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතන (NITM) ශ්‍රවණාගාරයේ දී 2024.04.30 දින සිදුකෙරින. දිවයින පුරා සිටින පාරම්පරික සර්වාංග වෛද්‍ය වරුන් 13 දෙනෙකු, කැඩුම් බිඳුම් වෛද්‍ය වරුන් 30 දෙනෙකු, චර්ම රෝග වෛද්‍ය වරුන් 03 දෙනෙකු, ගෙඩි වන වෛද්‍යවරයකු හා දැවුම් පිළිසුම් වෛද්‍යවරයකු මෙන්ම  සර්ප විෂ වෛද්‍යවරුන් 03 දෙනෙකු සඳහා එහිදී ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම  සිදුවිය.  

සුදුසුකම්ලත් පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 51 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය Read More »

ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වේ.

දිවයින පුරා විසිරී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවයක් ඉටු කරනු ලබන අතර ඔවුන්ගේ එම සේවය අගයමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටුවා තිබෙන ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩපිළිවෙළක්  දේශීය වෛද්‍ය අංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව දිවුලපිටිය, මීගමුව, කටාන, මීරිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හී ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන 2024.04.26 දින  දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම වැඩසටහන තුළදී පාරම්පරික වෛද්‍යවරුන් මුහුණ පාර සිටින ප්‍රශ්න, ගැටළු නිරාකරණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හඳුන්වා දීම සහ ඔවුන්ගේ ජීවන තත්වය නංවාලීම සඳහා අමාත්‍යාංශයේ දායකත්වය ලබා දීම, දේශීය වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හඳුන්වා දීමද මූලික වශයෙන් සිදු කෙරිණ.  

ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වේ. Read More »

මහෝෂධීය මුරුංගා ශාකය පවුලේ සාමාජිකයෙකු කරගනිමු…..

අප්‍රේල් මස 18 වන දින පෙ.ව 10.16ට  යෙදී තිබූ පැළ සිටු වීමේ නැකතට  ඖෂධීය හා පෝෂණිය ගුණයෙන් පිරිපුන් මුරුංගා පැළ සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය  ගරු සිසිර ජයකොඩ් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදු කරන ලදී. නීරෝගී, ශක්තිමත් ජනතාවකගෙන් සපිරි ශ්‍රීලංකාවක් ගොඩනැගීමේ අරමුණින් දේශීය වෛද්‍ය අංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව හා මුරුංගා ශාකය ප්‍රචලිත කිරිමට උනන්දුවක් දක්වන සංවිධානයන්හී ඒකාබද්ධ  වැඩපිළිවෙළක්  ලෙස මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වනු ලබයි.

මහෝෂධීය මුරුංගා ශාකය පවුලේ සාමාජිකයෙකු කරගනිමු….. Read More »

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය 2024

අතීතයේ සිට පැවත එන හෙළ සංස්කෘතික චාරිත්‍රානුකූලව මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය  අංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් 2024.04.15 දින පූර්ව භාග 10.17ට යෙදුනු සුබ නැකතින් මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හැදල පුරාණ රජමහා  විහාරස්ථානයේදී පැවැත්විණ.

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය 2024 Read More »

යක්කල දේශීය වෛද්‍ය කලාපය ස්ථාපිත කිරීම….

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශය දේශීය වෛද්‍ය කලාපයක් බවට පත්කරලීමේ වැඩපිළිවෙළ යටතේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය මගින්  ක්‍රියාත්මක කරනු ලබන සිසු සුවය ව්‍යාපෘතියෙහි සමාරම්භය සහ දේශීය වෛද්‍ය අංශය මගින් ක්‍රියාත්මක සුව ධරණී පෝෂණ මන්දිර  ව්‍යාපෘතිය මගින් ස්ථාපිත කරන ලද අලෙවි කුටි ජනතා අයිතියට පත්කිරීම  2024.04.10 දින දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු  කරන ලදී.

යක්කල දේශීය වෛද්‍ය කලාපය ස්ථාපිත කිරීම…. Read More »

Ayur EX 2024

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්ම, අධ්‍යාපනික  හා වෙළඳ ප්‍රදර්ශනය මැයි මස 3,4 හා 5 යන තෙදින BMICH හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ දේශීය මෙන්ම විදේශීය පර්යේෂණ ලොවට ගෙනයාමට ගෝලීය වේදිකවක් තැනීම තුළින් පර්යේෂකයින්ගේ දැනුම කුසලතා වර්ධනය හා දිරිමත් කිරීමත්, ශ්‍රී ලාංකීය දේශීය වෛද්‍ය ක්‍රමයේ විශ්මිත ප්‍රතිකාර, ඖෂධ, නිෂ්පාදන, සේවා  ලොවට ගෙනයමින් සංචාරක කර්මාන්තය නංවා දේශීය ආර්ථිකය සවිමත් කරලීමේ අපේක්ෂා පෙරදැරිව පවත්වනු ලබන Ayur EX 2024 ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්ම,අධ්‍යාපනික  හා වෙළඳ ප්‍රදර්ශනය මැයි මස 3,4 හා 5 යන තෙදින BMICH හිදී පැවැත්වීම පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.03.22 දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හීදී පවත්වන ලදී. කිසිදු රාජ්‍ය මුදල් භාවිතයකින් තොරව පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගනිමින් මෙම වැඩපිළිවෙළ   ක්‍රියාත්මක කෙරේ .

Ayur EX 2024 Read More »

ජාත්‍යන්තර කාන්තා දිනට සමගාමීව සුව සත්කාර වැඩසටහන් රැසක්

  දේශීය වෛද්‍ය අංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, කැලණිය ප්‍රාදේශීය සභාව හා සියපත පදනම එක්ව සංවිධානය  කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම දේශීය වෛද්‍ය රාජ්‍ය  අමාත්‍ය  ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී  2024.03.08 දින කෙරිණ. කාන්තාවන් සඳහා විශේෂිත ආයුර්වේද හා බටහිර වෛද්‍ය සායන, රුධිරගත සීනි හා මේද පරික්ෂාව ඇතුළු සියලු  රසායනාගාර සේවාවන්, ඊ.සී.ජි, වකුගඩු රෝග පරික්ෂාව,ආයුර්වේද සංරක්ෂණ සභා මගින් පවත්වන පාරම්පරික වෛද්‍ය සායන,  හෝමියෝපති වෛද්‍ය සායන ඇතුළු විශේෂාංග රැසකින් මෙම කාන්තා දින සැමරුම සමන්විත විය.

ජාත්‍යන්තර කාන්තා දිනට සමගාමීව සුව සත්කාර වැඩසටහන් රැසක් Read More »

2024 වර්ෂයේ හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය හැඳල වත්තල පුරාණ රජමහා විහාරයේදි

පුරාණ චාරිත්‍රානුකූලව සිංහල සහ දමිල අලුත් අවුරුද්දට යෙදී තිබෙන හිසතෙල් ගැල්වීමේ නැකැත් චාරිත්‍රය ඉටුකරන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය 2024 අප්‍රේල් මස 15 වන දින පූර්ව භාග 10. 17 ට ගම්පහ දිස්ත්‍රික්කයේ හැඳල වත්තල පුරාණ රජමහා විහාරයේදි පූර්ණ රාජ්‍ය අනුග්‍රහකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති හිග්ගොඩ චන්දිම හිමිපානන් වෙත දැහැත් පිළිගන්වමින් සාම්ප්‍රදායික චාරිත්‍රානුකූල ආරාධනාව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන් විසින් 2024.02.27 දින සිදුකරනු ලැබීය. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් විහාරයේ දායක සභාව, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නගර සභාව, මාධ්‍ය ආයතන, ආරක්ෂක අංශ, ජල සම්පාදන හා විදුලි බල මණ්ඩලය ඇතුළු සියලු ආයතන ඒකරාශි කරගනිමින් මෙම රාජ්‍ය මහෝත්සවය සාර්ථකව සිදුකිරීම පිළිබඳ එහිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

2024 වර්ෂයේ හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය හැඳල වත්තල පුරාණ රජමහා විහාරයේදි Read More »

පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 32 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

මුදලට සීමා නොවී වටිනා කාලය, ධනය, ශ්‍රමය වැය කරලමින් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවාවක් සිදුකරන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 32 දෙනෙකු සඳහා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය  ලබාදීම නාවින්න, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී 2024.02.26 දින දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. පාරම්පරික  වෛද්‍යවරුන් ගෙන් අයදුම්පත් කැදවීමෙන් අනතුරුව ලිඛිත හා වාචික සම්මුඛ පරීක්ෂනයකින් අනතුරුව සුදුසුකම් සපුරාලන ලද  පාරම්පරික සර්වාංග වෛද්‍යවරුන් 14 දෙනෙකු, කැඩුම් බිඳුම් වෛද්‍යවරුන් 10 දෙනෙකු,චර්ම රෝග වෛද්‍යවරුන් දෙදෙනකු  සහ සර්ප විෂ වෛද්‍යවරුන් 05 දෙනෙකු  සහ අක්ෂි වෛද්‍යවරුන් එක් අයෙකු සඳහා එහිදී ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමීම මෙහිදී  සිදුවිය.

පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 32 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය Read More »

National program to plant 1million herbal plants in association with the 76th National Independence Day.

          76 වන ජාතික නිදහස් සමගාමීව රට පුරා ඔසු පැල දස ලක්ෂයක් සිටුවීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි ඇතුළු මැති ඇමතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පරිශ්‍රයේදී 2024.02.02 දින සිදු කෙරිණ. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ මෙහෙයවීම මත දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමද්‍රව්‍ය ආනයනය සඳහා වාර්ෂීකව විශාල මුදලක් විදේශයන් වෙත ඇදී යන අතර එම මුදල දේශීයව ඉතිරි කරමින් දේශීය ආර්ථිකය සවිමත් කරලීමත්, ගුණාත්මක අතින් උසස් ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමු ද්‍රව්‍ය සුලභ කරලීමේ අරමුණින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මූලිකත්වය ගෙන මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබේ. එහිදී දුර්ලභ වදවීමේ තර්ජනයට ලක්ව ඇති ඖෂධීය ගුණයෙන් පිරිපුන් බහුවාර්ෂික ඔසු පැළ රෝපණය කිරීම සිදු කරනු ලබන අතර දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිටින ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන්, දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරීන්, ආයුර්වේද සංරක්ෂණ සභා, ස්වේච්ඡා සංවිධාන රාජ්‍ය නිලධාරීන් ඒකරාශී කරගනිමින් මෙම වැඩපිළිවෙල ග්‍රාමීය මට්ටමින් සාර්ථක කර ගැනීමට කටයුතු යොදා ඇත. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාතයාංශයේ අතිරේක ලේකම් චන්දන තිලකරත්න, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

National program to plant 1million herbal plants in association with the 76th National Independence Day. Read More »

Scroll to Top