ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වේ.

දිවයින පුරා විසිරී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවයක් ඉටු කරනු ලබන අතර ඔවුන්ගේ එම සේවය අගයමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටුවා තිබෙන ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩපිළිවෙළක්  දේශීය වෛද්‍ය අංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ.

ඒ අනුව දිවුලපිටිය, මීගමුව, කටාන, මීරිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හී ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන 2024.04.26 දින  දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම වැඩසටහන තුළදී පාරම්පරික වෛද්‍යවරුන් මුහුණ පාර සිටින ප්‍රශ්න, ගැටළු නිරාකරණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හඳුන්වා දීම සහ ඔවුන්ගේ ජීවන තත්වය නංවාලීම සඳහා අමාත්‍යාංශයේ දායකත්වය ලබා දීම, දේශීය වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හඳුන්වා දීමද මූලික වශයෙන් සිදු කෙරිණ.

 

Leave a Comment

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

Scroll to Top