මෙවර ශ්‍රී ලංකාව සත්කාරක රාජ්‍ය ලෙස සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation (BIMSTEC) කාර්ය සාධක බලකායේ (හත්වන BTFTM) හත්වන රැස්වීම 2025 නොවැම්බර් 26-27 දිනවල වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහභාගී විය. , භූතානය, ඉන්දීයාව, මියන්මාරය, නේපාලය, තායිලන්තය යන රටවල් සහ BIMSTEC ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී වූහ.
BIMSTEC කලාපයේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සංවර්ධනය කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී සමාලෝචනය කිරීම සිදු කරන ලද අතර, මෙයට BIMSTEC සාම්ප්‍රදායික වෛද්‍ය පිළිබඳව වූ වෙබ් අඩවිය සංවර්ධනය කිරීම, COVID-19 සහ දියවැඩියාව සඳහා භාවිතා කරන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂණ ක්‍රමානුකූල සමාලෝචන සිදු කිරීම, විෂය නිර්දේශ සමගාමී කිරීම සහ සාම්ප්‍රදායික වෛද්‍ය උපාධි සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීමක් ස්ථාපිත කිරීම, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථාන(Centers of Excellence on Traditional Medicine) පිහිටුවීම සහ සාම්ප්‍රදායික වෛද්‍ය දැනුම, ජාන සම්පත් සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන කරුණු පිළිබඳව වූ ප්‍රගතිය ද ඇතුළත් විය.


