සුවධරණී – සුරු දරුවෝ වැඩසටහන

පාසල් දරුවන්ගේ මානසික නිරෝගී සුවය ගොඩනැගීම උදෙසා “සුවධරණී සුරු දරුවෝ ”මානසික සතිමත් භාවය ගොඩනැගීමේ වැඩසටහනදේශීය වෛද්‍ය ගරු රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ උපදෙස් පරිදි පාසල් සඳහා හඳුන්වා දෙන ලද අතර එහි සමාරම්භය 2023.08.15 දින කොළඹ නාලන්දා විද්‍යාලයේදී සිදු කරන ලදී.

පාසල් ළමුන් මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දුරාචාරයන් උදෙසා යොමුවීම වළක්වාලීම මත මනා විනයක් සහ හික්මීමකින් යුත් පරපුරක් බවට පත් කිරීම උදෙසා මානසික සුවතාවය ගොඩනැගීමට ඉවහල් වන මනෝ චිකිත්සක ක්‍රමවේද, ක්‍රියාකාරකම් සහ අභ්‍යාස වලින් සමන්විත මෙම වැඩසටහන දේශීය වෛද්‍ය අංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ සම්බන්ධීකරණයෙන් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ මෙහෙයවීමෙන්  සිදු කෙරේ.

Leave a Comment

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

Scroll to Top