ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව සඳහා ප්‍රතිපාදන

දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වල ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව ජූනි මස අවසාන සතියේ ආරම්භ කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අදාල පාර්ශවයන් විසින්  එකඟතාවය ඵල කර ඇත.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ විශේෂ ඉල්ලීම මත ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ මූලිකත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමන්, මුදල් රාජ්‍ය අමාත්‍යතුමන් සමග 2024.05.13 දින පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදී  මෙලෙස සීමාවාසික පුහුණුව සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ලබාදීමට එකඟතාවය පළ කර ඇත.

එහිදී  ආයුර්වේද වෛද්‍යවරුන්ගේ විශේෂ දීමනා ගෙවීම සම්බන්ධයෙන්ද ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළඹ ඇත.

Leave a Comment

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

Scroll to Top