Ayur EX 2024

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්ම, අධ්‍යාපනික  හා වෙළඳ ප්‍රදර්ශනය මැයි මස 3,4 හා 5 යන තෙදින BMICH හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ දේශීය මෙන්ම විදේශීය පර්යේෂණ ලොවට ගෙනයාමට ගෝලීය වේදිකවක් තැනීම තුළින් පර්යේෂකයින්ගේ දැනුම කුසලතා වර්ධනය හා දිරිමත් කිරීමත්, ශ්‍රී ලාංකීය දේශීය වෛද්‍ය ක්‍රමයේ විශ්මිත ප්‍රතිකාර, ඖෂධ, නිෂ්පාදන, සේවා  ලොවට ගෙනයමින් සංචාරක කර්මාන්තය නංවා දේශීය ආර්ථිකය සවිමත් කරලීමේ අපේක්ෂා පෙරදැරිව පවත්වනු ලබන Ayur EX 2024 ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්ම,අධ්‍යාපනික  හා වෙළඳ ප්‍රදර්ශනය මැයි මස 3,4 හා 5 යන තෙදින BMICH හිදී පැවැත්වීම පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.03.22 දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හීදී පවත්වන ලදී.

කිසිදු රාජ්‍ය මුදල් භාවිතයකින් තොරව පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගනිමින් මෙම වැඩපිළිවෙළ   ක්‍රියාත්මක කෙරේ

.

Leave a Comment

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

Scroll to Top