Uncategorized

"ஹெல வேத ருவனர" நிகழ்ச்சி

දිවයින පුරා විසිරී සිටින ලියාපදිංචිය නොලත් පාරම්පරික වෛද්‍යරුන් උදෙසා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමීමේ ජංගම වැඩසටහනක් “හෙළ වෙද රුවනාර”  නමින් ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ සංකල්පයක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලදී.  ආයුර්වේද වෛද්‍ය සභාව මඟින් ලබා දෙනු ලබන සේවාවන් දිස්ත්‍රික්ක මට්ටමින් සැපයීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

"ஹெல வேத ருவனர" நிகழ்ச்சி Read More »

සුවධරණී – සුරු දරුවෝ වැඩසටහන

පාසල් දරුවන්ගේ මානසික නිරෝගී සුවය ගොඩනැගීම උදෙසා “සුවධරණී සුරු දරුවෝ ”මානසික සතිමත් භාවය ගොඩනැගීමේ වැඩසටහනදේශීය වෛද්‍ය ගරු රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ උපදෙස් පරිදි පාසල් සඳහා හඳුන්වා දෙන ලද අතර එහි සමාරම්භය 2023.08.15 දින කොළඹ නාලන්දා විද්‍යාලයේදී සිදු කරන ලදී. පාසල් ළමුන් මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දුරාචාරයන් උදෙසා යොමුවීම වළක්වාලීම මත මනා විනයක් සහ හික්මීමකින් යුත් පරපුරක් බවට පත් කිරීම උදෙසා මානසික සුවතාවය ගොඩනැගීමට ඉවහල් වන මනෝ චිකිත්සක ක්‍රමවේද, ක්‍රියාකාරකම් සහ අභ්‍යාස වලින් සමන්විත මෙම වැඩසටහන දේශීය වෛද්‍ය අංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ සම්බන්ධීකරණයෙන් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ මෙහෙයවීමෙන්  සිදු කෙරේ.

සුවධරණී – සුරු දරුවෝ වැඩසටහන Read More »

பாரம்பரிய மருத்துவம் பற்றிய முதல் உலகளாவிய மாநாடு

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ පළමු ගෝලීය හමුව ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ගාන්ධිනගර්හිදී 2023.09.17 හා 18 යන දෙදින තුළ පවත්වන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමා හා ආයුර්වේද කොමසාරිස් සහභාගී විය. සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, ප්‍රචාරණය, රටවල් අතර අන්තර් සබඳතා ගොඩනැගීම තුළින් දැනුම හුවමාරු කර ගැනීම මෙන්ම නවීන ලෝකය හා බැදුණු පර්යේෂණ වාර්තා එළි දැක්වීමද මෙහිදී සිදු කර ඇත. මෙම සමුළුව තුළදී ශ්‍රී ලාංකික සම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රමයේ විශේෂ වු ප්‍රතිකාර හා ප්‍රතිකාර රටාවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුව ඇති අතර එහිදී දේශීය වෛද්‍ය ක්‍රමය නඟා සිටුවීම උදෙසා සිදු කරන වැඩපිළිවෙළඳ ඇගයීමට ලක්ව ඇත.

பாரம்பரிய மருத்துவம் பற்றிய முதல் உலகளாவிய மாநாடு Read More »

Ayur – Ex Colombo 2023

ගරු දේශීය වෛද්‍ය රාජ්‍යඅමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද  “Ayur – Ex Colombo 2023” දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය 2023 සැප්තැම්බර් 08,09,10 BMICH හිදී අතිසාර්ථක අන්දමින් පවත්වන ලදී.  මෙහිදී දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ නවීනතම පර්යේෂණ එළි දැක්වීම, නව නිපයුම් එළිදැක්වීම සහ ඒ පිළිබඳ  විශේෂඥතාවයක්  ලබාගැනීමට හැකිවීම, දැනුම සහ කුසලතා බෙදාහැරිම සඳහා ගෝලීය වේදිකාවක් සැපයීම වැකි අරමුණු මේ තුළින් සාක්ෂාත් කර ගන්නා ලදී.  දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ කැපවූ ලොව පුරා සිටින පාර්ශවකරුවන් ප්‍රවීණයන් හා වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වුණු අතර, දේශීය වෛද්‍ය ක්‍රමවල පවතින විභවතාවයන් හඳුනාගැනීම, සහයෝගයෙන් කටයුතු කිරීම හා පර්යේෂණයන් කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමද මේ තුළින් සිදු විය.

Ayur – Ex Colombo 2023 Read More »

"அபேகம" கண்காட்சி

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ මඟපෙන්වීමෙන් දේශීය වෛද්‍ය අංශය හා මහර ආයුර්වේද සංරක්ෂණ සභාව එක්ව සංවිධානය කළ “අපේකම ප්‍රදර්ශනය” 2023.09.30 සිට 2023.10.01 දක්වා කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී.  මෙහිදී නොමිලේ පවත්වන ලද වෛද්‍ය සායන, දුර්ලභ ඔසුපැල ප්‍රදර්ශනය හා අලෙවිය, ආයුර්වේද ඖෂධ හඳුන්වාදීම හා නිෂ්පාදනයට අවශ්‍ය උපදේශන සේවා හා යන්ත්‍රෝපකරණ හඳුන්වාදීම සිදු කරන ලදී.

"அபேகம" கண்காட்சி Read More »

Scroll to Top