පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 32 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

 

 

 

මුදලට සීමා නොවී වටිනා කාලය, ධනය, ශ්‍රමය වැය කරලමින් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවාවක් සිදුකරන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 32 දෙනෙකු සඳහා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය  ලබාදීම නාවින්න, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී 2024.02.26 දින දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

පාරම්පරික  වෛද්‍යවරුන් ගෙන් අයදුම්පත් කැදවීමෙන් අනතුරුව ලිඛිත හා වාචික සම්මුඛ පරීක්ෂනයකින් අනතුරුව සුදුසුකම් සපුරාලන ලද  පාරම්පරික සර්වාංග වෛද්‍යවරුන් 14 දෙනෙකු, කැඩුම් බිඳුම් වෛද්‍යවරුන් 10 දෙනෙකු,චර්ම රෝග වෛද්‍යවරුන් දෙදෙනකු  සහ සර්ප විෂ වෛද්‍යවරුන් 05 දෙනෙකු  සහ අක්ෂි වෛද්‍යවරුන් එක් අයෙකු සඳහා එහිදී ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමීම මෙහිදී  සිදුවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top