National program to plant 1million herbal plants in association with the 76th National Independence Day.

 

 

 

 

 

76 වන ජාතික නිදහස් සමගාමීව රට පුරා ඔසු පැල දස ලක්ෂයක් සිටුවීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි ඇතුළු මැති ඇමතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පරිශ්‍රයේදී 2024.02.02 දින සිදු කෙරිණ.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ මෙහෙයවීම මත දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමද්‍රව්‍ය ආනයනය සඳහා වාර්ෂීකව විශාල මුදලක් විදේශයන් වෙත ඇදී යන අතර එම මුදල දේශීයව ඉතිරි කරමින් දේශීය ආර්ථිකය සවිමත් කරලීමත්, ගුණාත්මක අතින් උසස් ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමු ද්‍රව්‍ය සුලභ කරලීමේ අරමුණින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මූලිකත්වය ගෙන මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබේ.

එහිදී දුර්ලභ වදවීමේ තර්ජනයට ලක්ව ඇති ඖෂධීය ගුණයෙන් පිරිපුන් බහුවාර්ෂික ඔසු පැළ රෝපණය කිරීම සිදු කරනු ලබන අතර දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිටින ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන්, දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරීන්, ආයුර්වේද සංරක්ෂණ සභා, ස්වේච්ඡා සංවිධාන රාජ්‍ය නිලධාරීන් ඒකරාශී කරගනිමින් මෙම වැඩපිළිවෙල ග්‍රාමීය මට්ටමින් සාර්ථක කර ගැනීමට කටයුතු යොදා ඇත.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාතයාංශයේ අතිරේක ලේකම් චන්දන තිලකරත්න, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top