දැක්ම

divider
"හෙළ වෙදකමින් සැමට සුවසෙත"

මෙහෙවර

divider
ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රැකෙන අයුරින් පර්යේෂණ සහ නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් සමස්ත ප්‍රජාවට සුවසෙත සලසා මානව ශක්තීන් වර්ධනය කිරීම තුළින් ඔවුන් ජාතික ආර්ථික හා තිරසාර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා දායක කරවීම

හැඳින්වීම

divider
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ඉහල දැනුම්  සම්භාරයකින් සමන්විත ක්ෂේත්‍රයකි. එය ආයුර්වේද, සිද්ධ, යුනානි, සහ දේශීය චිකිත්සා යන අංශ වලින් පෝෂණය වන අතර මේ වනවිට හෝමියෝපති වැනි විකල්ප වෛද්‍ය ක්‍රමයන්ද සමන්විත වේ.
නිදහසින් පසුව 1949 අංක 49 දරණ ව්‍යවස්ථාව මගින් ස්වදේශීය ආඥා පනත සංශෝධනය කිරීම, 1957 ස්වදේශීය වෛද්‍ය දෙපර්තමෙන්තුව පිහිටුවීම, 1961 අංක 31 දරණ ආයුර්වේද පනත සම්මත කරගැනීම, 1980 වසරේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා වූ නව අමාත්‍යංශයක් පිහිටුවීම වැනි සංධිස්ථාන පසු කරමින් 1994 දී මෙය කැබිනට් අමාත්‍යංශයක් දක්වා වැඩි දියුණු විය. එතැන් පටන් කැබිනට් අමාත්‍යවරයෙකුගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම ක්ෂේත්‍රය 2015.01.18 දින සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පැවරුණු අතර 2015.09.21 දින පටන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍යාංශය නමින් ද 2019.12.10 දින සිට සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය වශයෙන් ද ක්‍රියාත්මකව ඇත. පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය වශයෙන් ක්‍රියාත්මක වූ අතර 2022.05.27 දින පටන් මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ දේශීය වෛද්‍ය අංශය ලෙසින් ක්‍රියාත්මකව පවතී. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම, භෞතික හා මානව සම්පත් සංවර්ධනය, නියාමන කටයුතුද, පර්යේෂණ හා සංවර්ධන කටයුතුද ආදී ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ සමස්ථ මෙහෙයුම් හා අධීක්ෂණ කටයුතුද මෙම අංශය මගින් සිදු කෙරේ.
ජනතාවගේ නිරෝගිකම ආරක්ෂා කරගනිමින් වඩා ප්‍රශස්ථ ගුණාත්මක, කාර්යක්ෂම හා පිරිමැසුම්දායක දේශීය වෛද්‍ය සේවාවක් ලබාදීම දේශීය වෛද්‍ය අංශයේ අපේක්ෂාව වේ.

ප්‍රධාන අංශ

පාලන අංශය මඟින් ලබාදෙන සේවාවන්/ ඉටු කරනු ලබන සේවාවන්

  1. අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සඳහා සහාය වීම
  2. දේශීය වෛද්‍ය අංශය හා ඒ යටතේ පවතින ආයතනවල පරිපාලන හා විනය කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණය
  3. හෝමියෝපති රෝහල හා හෝමියෝපති වෛද්‍ය සභාව සම්බන්ධ පරිපාලන කටයුතු
  4. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සම්බන්ධ පරිපාලන කටයුතු
  5. ආයුර්වේද වෛද්‍යවරුන් බඳවා ගැනීම, ස්ථිර කිරීම, උසස් කිරීම හා විශ්‍රාම ගැන්වීමට අදාළ කටයුතු
  6. ආයුර්වේද වෛද්‍ය සභාව හා විශේෂ වෛද්‍යවරුන් සම්බන්ධ කටයුතු කිරීම
  7. ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සේවයේ නිලධාරීන් සම්බන්ධ කටයුතු
  8. ආයුර්වේද හෙද නිලධාරීන් සම්බන්ධ කටයුතු
  9. දේශීය වෛද්‍ය අංශය හා ඒ යටතේ පවතින ආයතනවල නිලධාරීන්ගේ විනය/විමර්ශන කටයුතු

ගිණුම් අංශය මඟින් ලබාදෙන සේවාවන්/ ඉටු කරනු ලබන සේවාවන්

  1. දේශීය වෛද්‍ය අංශයේ සහ එම අංශයට සෘජුව අනුයුක්ත කර ඇති නිලධාරීන්ට වැටුප් හා වේතන වලට අදාළ ගෙවීම් සිදු කිරීම.
  2. රජයේ හෝමියෝපති රෝහල හා හෝමියෝපති වෛද්‍ය සභාවට අදාළ වැටුප්, ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම්වලට අදාළ ගෙවීම් සිදු කිරීම.
  3. භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ඖෂධ නිකුත් කිරීම වෙනුවෙන් අදාළ ගෙවීම් සිදු කිරීම.

සංවර්ධන අංශය මඟින් ලබාදෙන සේවාවන්/ ඉටු කරනු ලබන සේවාවන්

  1. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ වැඩසටහන් හා ව්‍යාපෘතීන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම හා පසු විපරම් කිරීම.
  2. දේශීය වෛද්‍ය අංශය යටතේ ඇති ආයතනයන්හි කාර්යසාධනය විමසා බැලීම, කාර්යසාධන හිදැස් (gaps) හඳුනාගැනීම සහ අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කිරීමට කටයුතු කිරීම.
  3. වස විසෙන් තොර පෝෂණ ගුණයෙන් අනූන දේශීය ආහාර ප්‍රවර්ධනය.
  4. ක්ෂේත්‍රයට අදාළ සංඛ්‍යාලේඛන දත්ත පවත්වාගැනීම හා යාවත්කාලින කිරීම.
  5. ආයුර්වේද කොමසාරිස්ගේ නිර්දේශය මත තීරුබදු සහන යටතේ ඖෂධ අමුද්‍රව්‍ය ආනයනය සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාදීම.
  6. නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා සඳහා අවශ්‍ය දේශීය ඖෂධ ආයුර්වේද ඖෂධ සංස්ථාව මඟින් සම්පාදනය කර ගැනීම.
  7. අදාළ වර්ෂයට අදාළ ප්‍රාග්ධන වියදම් සැලසුම් කිරීම.

ප්‍රධාන කාර්යයන්

divider

බාගත කිරීම්

divider

දේශීය වෛද්‍ය ප්‍රතිපත්තිය​

උපාය මාර්ගික සැලසුම්

වාර්ෂික ක්‍රියාකාරී සැලසුම්

කාර්ය සාධන සහ ප්‍රගති වාර්තා

 

Scroll to Top