දිවයිනේ පිහිටි දේශීය වෛද්‍ය පීඨ 4ක උපාධිධාරීන් 204 දෙනෙකු සදහා සීමාවාසික වෛද්‍ය පුහුණුව සදහා පත්වීම් පිරිනැමීම 2024.06.03 දින මහරගම නාවින්නේ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයනයේදී සිදුකෙරිනි.
දිවයිනේ පිහිටි ආයුර්වේද රෝහල් 105 ක් තුළ වසරක සීමාවාසික පුහුණුව සදහා පත්වීම් ලද මෙම පුහුණු ලාභීන් වෙත මාසිකව රුපියල් 66,750 ක සීමාවාසික පුහුණු දීමනාවක් රජය මගින් ලබාදෙනු ලබයි.
ක්‍රමානුකූලව සියලු සීමාවාසික පුහුණු අපේක්ෂිතයින් වෙත සීමාවාසික පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙළක් මේවන් විට ක්‍රියාවට නංවා ඇති අතර එළඹෙන අගෝස්තු මාසයේ තවත් කණ්ඩායමක් වෙත සීමාවාසික පුහුණුව ලබාදීමට නියමිතය.



