mimadmin

පාරම්පරික වෛද්‍ය ක්‍රම සඳහා කලාපීය සහයෝගය සඳහා වූ “බිම්ස්ටෙක් කාර්ය සාධක බලකායේ අටවන රැස්වීම”

පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳ බිම්ස්ටෙක් කාර්ය සාධක බලකායේ අටවන රැස්වීම (Eighth BIMSTEC Task Force on Traditional Medicine – BTFTM) 2026 ඔක්තෝබර් 06 වන දින ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම රැස්වීමට එක්වූහ. බිම්ස්ටෙක් ලේකම් කාර්යාලයේ නියෝජිතයින් සහ සාමාජික රටවල් වන භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය හා තායිලන්තය යන රටවල නියෝජිතයින්ද මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ රැස්වීමට සහභාගී වූහ. මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ වූයේ බිම්ස්ටෙක් කලාපයේ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා සකස් කර ඇති ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමයි. ඒ අනුව, පාරම්පරික වෛද්‍ය ක්‍රම සම්බන්ධ දැනුම හුවමාරු කිරීම, පර්යේෂණ සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම මෙන්ම සාමාජික රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන ලදී. මෙහිදී, සාකච්ඡා කළ ප්‍රධාන කරුණු අතර කලාපීය වශයෙන් පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ තොරතුරු සහ දැනුම හුවමාරු කර ගැනීම සඳහා වන බිම්ස්ටෙක් පාරම්පරික වෛද්‍ය ද්වාරය (BIMSTEC Traditional Medicine Portal) සංවර්ධනය කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම, පාරම්පරික වෛද්‍ය විද්‍යාව, නවෝත්පාදන සහ පර්යේෂණ සම්බන්ධයෙන් යෝජිත බිම්ස්ටෙක් විශිෂ්ටතා මධ්‍යස්ථානය පිළිබඳව සාකච්ඡා කිරීම, දෙවන බිම්ස්ටෙක් නෝඩීය කණ්ඩායම් රැස්වීමේ වාර්තාව සහ සාරාංශය සලකා බැලීම, සම්ප්‍රදායික වෛද්‍ය දැනුම (Traditional Medicine Knowledge – TMK), ජාන සම්පත් (Genetic Resources – GR) සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් (Intellectual Property Rights – IPR) සම්බන්ධයෙන් පැවති තුන්වන සමුළුවේ වාර්තාව සහ සාරාංශය සලකා බැලීම සිදු කරන ලදී.

පාරම්පරික වෛද්‍ය ක්‍රම සඳහා කලාපීය සහයෝගය සඳහා වූ “බිම්ස්ටෙක් කාර්ය සාධක බලකායේ අටවන රැස්වීම” Read More »

2026 වර්ෂයේ හිසතෙල් ගැල්විමේ ජාතික මහොත්සවය…

2026 සිංහල හා දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන හිසතෙල් ගැල්වීමේ  ජාතික මහොත්සවය මහනුවර ශ්‍රි නාථ දේවාල පරිශ්‍රෙය් දී ගරු ජනාධිපති අනුර තුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  2026.04.15 දින පූර්ව භාග 6.55ට යෙදුනු සුභ මුහුර්තයෙන් පවත්වන ලදී. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව , ශ්‍රි දළදා මාලිගාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහ නගර සභාව, මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා ත්‍රිවිධ හමුදාව යන ආයතනයන්ගේ දායකත්වයෙන් මෙම ජාතික උත්සවය පැවැත්විනි. නාථ දේවාල පරිශ්‍රෙය් දී සියලු චාරිත්‍රානු කූලව පැවති මෙම උත්සවයේ දී අලි ඇතුන් සඳහා  හිසතෙල් ගැල්වීම ද සිදුවිය. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු නලින්ද ජයතිස්ස මැතිතුමා , මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මැතිතුමා  ඇතුළු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරින්  සහභාගිවිය.

2026 වර්ෂයේ හිසතෙල් ගැල්විමේ ජාතික මහොත්සවය… Read More »

සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ BIMSTEC කාර්ය සාධක බලකායේ (හත්වන BTFTM) හත්වන රැස්වීම ශ්‍රී ලංකාවේදී ..

මෙවර ශ්‍රී ලංකාව සත්කාරක රාජ්‍ය ලෙස සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ  Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation (BIMSTEC) කාර්ය සාධක බලකායේ (හත්වන BTFTM) හත්වන රැස්වීම 2025 නොවැම්බර් 26-27 දිනවල වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාව  සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය හංසක විජේමුණි මහතා  සහභාගී විය. , භූතානය, ඉන්දීයාව, මියන්මාරය, නේපාලය, තායිලන්තය යන රටවල් සහ BIMSTEC ලේකම් කාර්යාලය  නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී වූහ. BIMSTEC කලාපයේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සංවර්ධනය කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී සමාලෝචනය කිරීම සිදු කරන ලද අතර, මෙයට BIMSTEC සාම්ප්‍රදායික වෛද්‍ය පිළිබඳව වූ වෙබ් අඩවිය සංවර්ධනය කිරීම, COVID-19 සහ දියවැඩියාව සඳහා භාවිතා කරන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂණ ක්‍රමානුකූල සමාලෝචන සිදු කිරීම, විෂය නිර්දේශ සමගාමී කිරීම සහ සාම්ප්‍රදායික වෛද්‍ය උපාධි සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීමක් ස්ථාපිත කිරීම, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථාන(Centers of Excellence on Traditional Medicine) පිහිටුවීම සහ සාම්ප්‍රදායික වෛද්‍ය දැනුම, ජාන සම්පත් සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන කරුණු  පිළිබඳව වූ ප්‍රගතිය ද ඇතුළත් විය.

සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ BIMSTEC කාර්ය සාධක බලකායේ (හත්වන BTFTM) හත්වන රැස්වීම ශ්‍රී ලංකාවේදී .. Read More »

උපාධිධාරීන් 303 දෙනෙක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයට බඳවා ගැනේ..

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 දෙනෙකුට ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය වෙත බඳවා ගැනීමේ නව පත්වීම ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  2025.11.03 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ  දී  සිදු කෙරිණි.

උපාධිධාරීන් 303 දෙනෙක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයට බඳවා ගැනේ.. Read More »

හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර දී….

2025 සිංහල දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර නාථ දේවාල පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් මෙවර පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත මෙම උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික නාථ දේවාල විහාරවාසී ඇටිපොළ මහින්ද ස්වාමීන් වහන්සේගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී (05) පැවැත්විණී. එළැඹෙන අප්‍රේල් මස 16 වන දින උදෑසන 09.04 ට යෙදෙන නැකත් චාරිත්‍රයට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නාථ දේවාල පරිශ්‍රයේ දී මෙම චාරිත්‍ර සිදු කිරීමට නියමිතය. මීට සමගාමීව අලි ඇතුන් සඳහා හිස තෙල් ගැල්වීම ද සිදු කෙරේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආයූර්වේද දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව ශ්‍රී දළදා මාළිගාව , මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහනගර සභාව, මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා ත්‍රිවිධ හමුදා යන ආයතනයන්ගේ දායකත්වයෙන් මෙම ජාතික මහෝත්සවය පැවත්වීමට නියමිතය. මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන ,ශ්‍රී මහා නාථ දේවාලයේ බස්නායක නිලමේ එස්. බණ්ඩාරනායක, පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් අටම්පාවල පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් හා ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජනය කරමින් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර දී…. Read More »

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන්

පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කිරීම සහ පාරම්පරික වෛද්‍යවරයාගේ ජීවන තත්වය නඟා සිටුවීමේ අරමුණින් සිදු කරනු ලබන ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව පවත්වන දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන් 2025.02.13,14 දිනයන්හි යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් යාපනය අච්චුවේලි ඖෂධ නිෂ්පාදන ඒකකයේ දී ද, අච්චුවේලි ඔසු උයන් පරීශ්‍රයේදී සහ 2025.02.15 දින මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාරම්පරික වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. මෙහිදී ආයුර්වේද ඖෂධ භාවිතයේ සුරක්ෂිතභාවය, ගුණාත්මක බව සහතික කර ගැනීමේ ක්‍රමවේදයන් හඳුන්වා දීම, ඖෂධ සඳහා අවැසි නිවැරදි අමුද්‍රව්‍ය සහ ප්‍රතිනිධි හඳුනා ගැනීම, ඖෂධීය ශාක වගාව හා අස්වනු නෙලීම සම්බන්ධයෙන් නීතිමය හා තාක්ෂණික අවශ්‍යතාවයන් පිළිබඳව මෙන්ම ඔසු උයන් ඵලදායී ලෙස නඩත්තු කිරීම යන කරුණු සම්බන්ධයෙන් එම වෛද්‍යවරුන් දැනුවත් කිරීමට කටයුතු සිදු කරන ලදී. මීට අමතරව උතුරු පළාත තුල දේශීය වෛද්‍ය ක්‍රමයන් සඳහා අවශ්‍ය ඖෂධ වගාව සම්බන්ධයෙන් වූ සැලසුම් පිළිබඳව ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් කිළිනොච්චි, කල්මඩුනගර ඔසු උයන් පරීශ්‍රයේදී සහ නිරෝගිමත් සමාජයක් නිර්මාණය කිරීමට ඉවහල් වන සහයෝගී සත්කාර සේවාව මහජනතාව වෙත ලඟා කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් පළාත් සෞඛ්‍ය ලේකම්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ දේශීය වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සංවිධානය කර තිබුණි.  

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන් Read More »

ඔසු වගාවට දිරි දෙන, ආර්ථිකය ගොඩනගන “සුව ධරණී” ඔසු ගොවි ගම්මාන…

දේශීය ඖෂධ අමුද්‍රව්‍ය  අවශ්‍යතාවය දේශීයව සපයා ගනිමින් අමුද්‍රව්‍ය ආනයනයට වැයවන විනිමය දේශීයව ඉතිරි කරලීමින් දේශීය ආර්ථිකයට සවියක් වීමටත්, සමෘද්ධි ලාභී පවුල් ඒකකයන් හී ආර්ථිකය ගොඩනැගීමේ අරමුණින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම පිළිබඳ විශේෂ  සාකච්ඡාවක්  2024.06.24 දින පැවැත්විණ. සමෘද්ධි ලාභී පවුල් ඒකක ඔසු වගාවට යොමු කරලමින් සිය නිෂ්පාදන උදෙසා සහතික මිලක් ලබාදෙමින් පවුලේ ආර්ථිකය සවිමත් කරලීම මෙන්ම ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම  උදෙසා  දීප ව්‍යාප්තව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය …

ඔසු වගාවට දිරි දෙන, ආර්ථිකය ගොඩනගන “සුව ධරණී” ඔසු ගොවි ගම්මාන… Read More »

උපාධිධාරීන් 204 කට සීමාවාසික පුහුණු පත්වීම්

දිවයිනේ පිහිටි දේශීය වෛද්‍ය පීඨ 4ක උපාධිධාරීන් 204 දෙනෙකු සදහා සීමාවාසික වෛද්‍ය පුහුණුව සදහා පත්වීම් පිරිනැමීම  2024.06.03 දින මහරගම නාවින්නේ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයනයේදී සිදුකෙරිනි. දිවයිනේ පිහිටි ආයුර්වේද රෝහල් 105 ක් තුළ වසරක සීමාවාසික පුහුණුව සදහා පත්වීම් ලද මෙම පුහුණු ලාභීන් වෙත මාසිකව රුපියල් 66,750 ක සීමාවාසික පුහුණු දීමනාවක් රජය මගින්   ලබාදෙනු ලබයි. ක්‍රමානුකූලව සියලු සීමාවාසික පුහුණු අපේක්ෂිතයින් වෙත  සීමාවාසික පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙළක් මේවන් විට ක්‍රියාවට නංවා  ඇති අතර එළඹෙන අගෝස්තු මාසයේ තවත් කණ්ඩායමක් වෙත සීමාවාසික පුහුණුව ලබාදීමට නියමිතය.

උපාධිධාරීන් 204 කට සීමාවාසික පුහුණු පත්වීම් Read More »

මඩකලපුව සහ අම්පාර දිස්ත්රිසක් ආයුර්වේද සංරක්ෂණ සභා සව්බල ගැන්වීමේ ජාතික වැඩසටහන්

පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කිරීම සහ පාරම්පරික වෛද්‍යවරයාගේ ජීවන තත්වය නඟාසිටුවීමේ අරමුණින් සිදු කරන ලබන ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව පවත්වන දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ තවත් වැඩසටහන් ද්විත්වයක් 2024.05.29 සහ 30 දෙදින මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ අම්පාර දිස්ත්‍රක්යේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාරම්පරික වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. මෙහිදී, එම වෛද්‍යවරුන් මුහුණපා ඇති ගැටළු නිරාකරණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හඳුනාවාදීම සහ ඖෂධ නිෂ්පාදනය හා ඒ හා සැබැඳි ගුණාත්මක තත්වය ඉහල නංවාලීමේ ක්‍රමවේදයන් පිළිබඳ දැනුවත් කිරීම සිදු කරන ලදී. මීට අමතරව බෝ නොවන රෝග පාලනය සඳහා පෝෂණීය මැදිහත් වීම යටතේ මහජනතාව දැනුවත් කිරීම සඳහා වස විසෙන් තොර පෝෂණීය දේශීය ආහාර ජනතාව අතරේ ප්‍රචලිත කිරීමේ අරමුණින් පවත්වන ලද ආහාර ප්‍රදර්ශණයක් සහ පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැමිණි සිටි මහජනතාව සඳහා වෛද්‍ය සායනයක් ඇතුළු වැඩසටහන් මාලාවක් එම දෙදින තුල සංවිධානය කර තිබුණි.  

මඩකලපුව සහ අම්පාර දිස්ත්රිසක් ආයුර්වේද සංරක්ෂණ සභා සව්බල ගැන්වීමේ ජාතික වැඩසටහන් Read More »

ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව සඳහා ප්‍රතිපාදන

දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වල ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව ජූනි මස අවසාන සතියේ ආරම්භ කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අදාල පාර්ශවයන් විසින්  එකඟතාවය ඵල කර ඇත. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ විශේෂ ඉල්ලීම මත ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ මූලිකත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමන්, මුදල් රාජ්‍ය අමාත්‍යතුමන් සමග 2024.05.13 දින පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදී  මෙලෙස සීමාවාසික පුහුණුව සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ලබාදීමට එකඟතාවය පළ කර ඇත. එහිදී  ආයුර්වේද වෛද්‍යවරුන්ගේ විශේෂ දීමනා ගෙවීම සම්බන්ධයෙන්ද ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළඹ ඇත.

ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව සඳහා ප්‍රතිපාදන Read More »

Scroll to Top