Uncategorized

ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව සඳහා ප්‍රතිපාදන

දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වල ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව ජූනි මස අවසාන සතියේ ආරම්භ කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අදාල පාර්ශවයන් විසින්  එකඟතාවය ඵල කර ඇත. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ විශේෂ ඉල්ලීම මත ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ මූලිකත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමන්, මුදල් රාජ්‍ය අමාත්‍යතුමන් සමග 2024.05.13 දින පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදී  මෙලෙස සීමාවාසික පුහුණුව සඳහා […]

ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව සඳහා ප්‍රතිපාදන Read More »

හෙළ වෙද රුවනාර වැඩසටහන යටතේ වයස අවුරුදු 70 ඉක්මවූ කෘතහස්ත පාරම්පරික වෛද්‍යවරුන් වෙත ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ….

ශ්‍රී ලංකාවේ  පාරම්පරික වෛද්‍ය උරුමයන් සුරක්ෂිත කරලීමේ අරමුණින් වයස අවුරුදු  70 ඉක්මවූ කෘතහස්ත පාරම්පරික වෛද්‍යවරුන් වෙත ආයුර්වේද වෛද්‍ය සභාවේ  ලියාපදිංචිය ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ක්‍රියාවට නංවා තිබේ . ඒ අනුව සුවිශේෂී වෛද්‍ය ප්‍රතිකාරයන් තුළින් රෝගීන් සුවපත් කරලන වයස අවුරුදු 70 ඉක්මවූ සුදුසුකම් සපුරාලන ලද මාතලේ දිස්ත්‍රික්කයේ කෘතහස්ත පාරම්පරික වෛද්‍යවරුන් 5 දෙනෙකු

හෙළ වෙද රුවනාර වැඩසටහන යටතේ වයස අවුරුදු 70 ඉක්මවූ කෘතහස්ත පාරම්පරික වෛද්‍යවරුන් වෙත ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය …. Read More »

“Ayur Ex” ජාත්‍යාන්තර පර්යේෂණ එළිදැක්ම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයින්ට ගෝලීය වේදිකවක්……..

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය දේශීයව මෙන්ම ජාත්‍යන්තරමය වශයෙ ප්‍රචලිත කරලීමත්, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයින්ට ගෝලීය වේදිකාවක් තැනීමේ අරමුණින්  පවත්වන “Ayur Ex” ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්ම 2024.05.03 කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ UCFM Tower ප්‍රධාන ශාලාවේදී ආරම්භ කෙරිණ. දේශීය වෛද්‍ය අංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශය ඒකාබද්ධව සංවිධානය කරන මෙම ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්ම මැයි මස 3,4

“Ayur Ex” ජාත්‍යාන්තර පර්යේෂණ එළිදැක්ම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයින්ට ගෝලීය වේදිකවක්…….. Read More »

සුදුසුකම්ලත් පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 51 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා සුදුසුකම්ලත් පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 51 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජජකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම නාවින්නේ පිහිටි දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතන (NITM) ශ්‍රවණාගාරයේ දී 2024.04.30 දින සිදුකෙරින. දිවයින පුරා සිටින පාරම්පරික සර්වාංග වෛද්‍ය වරුන් 13 දෙනෙකු, කැඩුම් බිඳුම් වෛද්‍ය වරුන් 30

සුදුසුකම්ලත් පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 51 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය Read More »

ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වේ.

දිවයින පුරා විසිරී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවයක් ඉටු කරනු ලබන අතර ඔවුන්ගේ එම සේවය අගයමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටුවා තිබෙන ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩපිළිවෙළක්  දේශීය වෛද්‍ය අංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව දිවුලපිටිය, මීගමුව, කටාන, මීරිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හී ආයුර්වේද

ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වේ. Read More »

මහෝෂධීය මුරුංගා ශාකය පවුලේ සාමාජිකයෙකු කරගනිමු…..

අප්‍රේල් මස 18 වන දින පෙ.ව 10.16ට  යෙදී තිබූ පැළ සිටු වීමේ නැකතට  ඖෂධීය හා පෝෂණිය ගුණයෙන් පිරිපුන් මුරුංගා පැළ සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය  ගරු සිසිර ජයකොඩ් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදු කරන ලදී. නීරෝගී, ශක්තිමත් ජනතාවකගෙන් සපිරි ශ්‍රීලංකාවක් ගොඩනැගීමේ අරමුණින් දේශීය වෛද්‍ය අංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව හා මුරුංගා ශාකය ප්‍රචලිත කිරිමට

මහෝෂධීය මුරුංගා ශාකය පවුලේ සාමාජිකයෙකු කරගනිමු….. Read More »

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය 2024

අතීතයේ සිට පැවත එන හෙළ සංස්කෘතික චාරිත්‍රානුකූලව මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය  අංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් 2024.04.15 දින පූර්ව භාග 10.17ට යෙදුනු සුබ නැකතින් මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හැදල පුරාණ රජමහා  විහාරස්ථානයේදී පැවැත්විණ.

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය 2024 Read More »

යක්කල දේශීය වෛද්‍ය කලාපය ස්ථාපිත කිරීම….

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශය දේශීය වෛද්‍ය කලාපයක් බවට පත්කරලීමේ වැඩපිළිවෙළ යටතේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය මගින්  ක්‍රියාත්මක කරනු ලබන සිසු සුවය ව්‍යාපෘතියෙහි සමාරම්භය සහ දේශීය වෛද්‍ය අංශය මගින් ක්‍රියාත්මක සුව ධරණී පෝෂණ මන්දිර  ව්‍යාපෘතිය මගින් ස්ථාපිත කරන ලද අලෙවි කුටි ජනතා අයිතියට පත්කිරීම  2024.04.10 දින දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර

යක්කල දේශීය වෛද්‍ය කලාපය ස්ථාපිත කිරීම…. Read More »

Ayur EX 2024

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්ම, අධ්‍යාපනික  හා වෙළඳ ප්‍රදර්ශනය මැයි මස 3,4 හා 5 යන තෙදින BMICH හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ දේශීය මෙන්ම විදේශීය පර්යේෂණ ලොවට ගෙනයාමට ගෝලීය වේදිකවක් තැනීම තුළින් පර්යේෂකයින්ගේ දැනුම කුසලතා වර්ධනය හා දිරිමත් කිරීමත්, ශ්‍රී ලාංකීය දේශීය වෛද්‍ය ක්‍රමයේ විශ්මිත ප්‍රතිකාර, ඖෂධ, නිෂ්පාදන, සේවා  ලොවට ගෙනයමින්

Ayur EX 2024 Read More »

ජාත්‍යන්තර කාන්තා දිනට සමගාමීව සුව සත්කාර වැඩසටහන් රැසක්

  දේශීය වෛද්‍ය අංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, කැලණිය ප්‍රාදේශීය සභාව හා සියපත පදනම එක්ව සංවිධානය  කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම දේශීය වෛද්‍ය රාජ්‍ය  අමාත්‍ය  ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී  2024.03.08 දින කෙරිණ. කාන්තාවන් සඳහා විශේෂිත ආයුර්වේද හා බටහිර වෛද්‍ය සායන, රුධිරගත සීනි හා මේද පරික්ෂාව ඇතුළු සියලු  රසායනාගාර සේවාවන්, ඊ.සී.ජි, වකුගඩු රෝග

ජාත්‍යන්තර කාන්තා දිනට සමගාමීව සුව සත්කාර වැඩසටහන් රැසක් Read More »

Scroll to Top