අප්‍රේල් මස 18 වන දින පෙ.ව 10.16ට යෙදී තිබූ පැළ සිටු වීමේ නැකතට ඖෂධීය හා පෝෂණිය ගුණයෙන් පිරිපුන් මුරුංගා පැළ සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩ් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදු කරන ලදී.
නීරෝගී, ශක්තිමත් ජනතාවකගෙන් සපිරි ශ්‍රීලංකාවක් ගොඩනැගීමේ අරමුණින් දේශීය වෛද්‍ය අංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව හා මුරුංගා ශාකය ප්‍රචලිත කිරිමට උනන්දුවක් දක්වන සංවිධානයන්හී ඒකාබද්ධ වැඩපිළිවෙළක් ලෙස මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වනු ලබයි.
 
  
  
 

