යාපනය සහ මන්නාරම දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන්

පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කිරීම සහ පාරම්පරික වෛද්‍යවරයාගේ ජීවන තත්වය නඟා සිටුවීමේ අරමුණින් සිදු කරනු ලබන ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව පවත්වන දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන් 2025.02.13,14 දිනයන්හි යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් යාපනය අච්චුවේලි ඖෂධ නිෂ්පාදන ඒකකයේ දී ද, අච්චුවේලි ඔසු උයන් පරීශ්‍රයේදී සහ 2025.02.15 දින මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාරම්පරික වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

මෙහිදී ආයුර්වේද ඖෂධ භාවිතයේ සුරක්ෂිතභාවය, ගුණාත්මක බව සහතික කර ගැනීමේ ක්‍රමවේදයන් හඳුන්වා දීම, ඖෂධ සඳහා අවැසි නිවැරදි අමුද්‍රව්‍ය සහ ප්‍රතිනිධි හඳුනා ගැනීම, ඖෂධීය ශාක වගාව හා අස්වනු නෙලීම සම්බන්ධයෙන් නීතිමය හා තාක්ෂණික අවශ්‍යතාවයන් පිළිබඳව මෙන්ම ඔසු උයන් ඵලදායී ලෙස නඩත්තු කිරීම යන කරුණු සම්බන්ධයෙන් එම වෛද්‍යවරුන් දැනුවත් කිරීමට කටයුතු සිදු කරන ලදී.

මීට අමතරව උතුරු පළාත තුල දේශීය වෛද්‍ය ක්‍රමයන් සඳහා අවශ්‍ය ඖෂධ වගාව සම්බන්ධයෙන් වූ සැලසුම් පිළිබඳව ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් කිළිනොච්චි, කල්මඩුනගර ඔසු උයන් පරීශ්‍රයේදී සහ නිරෝගිමත් සමාජයක් නිර්මාණය කිරීමට ඉවහල් වන සහයෝගී සත්කාර සේවාව මහජනතාව වෙත ලඟා කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් පළාත් සෞඛ්‍ය ලේකම්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ දේශීය වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සංවිධානය කර තිබුණි.

 

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Scroll to Top