2024 වර්ෂයේ හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය හැඳල වත්තල පුරාණ රජමහා විහාරයේදි

පුරාණ චාරිත්‍රානුකූලව සිංහල සහ දමිල අලුත් අවුරුද්දට යෙදී තිබෙන හිසතෙල් ගැල්වීමේ නැකැත් චාරිත්‍රය ඉටුකරන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය 2024 අප්‍රේල් මස 15 වන දින පූර්ව භාග 10. 17 ට ගම්පහ දිස්ත්‍රික්කයේ හැඳල වත්තල පුරාණ රජමහා විහාරයේදි පූර්ණ රාජ්‍ය අනුග්‍රහකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති හිග්ගොඩ චන්දිම හිමිපානන් වෙත දැහැත් පිළිගන්වමින් සාම්ප්‍රදායික චාරිත්‍රානුකූල ආරාධනාව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන් විසින් 2024.02.27 දින සිදුකරනු ලැබීය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් විහාරයේ දායක සභාව, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නගර සභාව, මාධ්‍ය ආයතන, ආරක්ෂක අංශ, ජල සම්පාදන හා විදුලි බල මණ්ඩලය ඇතුළු සියලු ආයතන ඒකරාශි කරගනිමින් මෙම රාජ්‍ය මහෝත්සවය සාර්ථකව සිදුකිරීම පිළිබඳ එහිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Scroll to Top