mimadmin

සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ BIMSTEC කාර්ය සාධක බලකායේ (හත්වන BTFTM) හත්වන රැස්වීම ශ්‍රී ලංකාවේදී ..

මෙවර ශ්‍රී ලංකාව සත්කාරක රාජ්‍ය ලෙස සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ  Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation (BIMSTEC) කාර්ය සාධක බලකායේ (හත්වන BTFTM) හත්වන රැස්වීම 2025 නොවැම්බර් 26-27 දිනවල වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාව  සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය හංසක විජේමුණි මහතා  සහභාගී විය. , භූතානය, ඉන්දීයාව, මියන්මාරය, නේපාලය, තායිලන්තය යන රටවල් සහ BIMSTEC ලේකම් කාර්යාලය  නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී වූහ. BIMSTEC කලාපයේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සංවර්ධනය කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී සමාලෝචනය කිරීම සිදු කරන ලද අතර, මෙයට BIMSTEC සාම්ප්‍රදායික වෛද්‍ය පිළිබඳව වූ වෙබ් අඩවිය සංවර්ධනය කිරීම, COVID-19 සහ දියවැඩියාව සඳහා භාවිතා කරන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂණ ක්‍රමානුකූල සමාලෝචන සිදු කිරීම, විෂය නිර්දේශ සමගාමී කිරීම සහ සාම්ප්‍රදායික වෛද්‍ය උපාධි සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීමක් ස්ථාපිත කිරීම, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථාන(Centers of Excellence on Traditional Medicine) පිහිටුවීම සහ සාම්ප්‍රදායික වෛද්‍ය දැනුම, ජාන සම්පත් සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන කරුණු  පිළිබඳව වූ ප්‍රගතිය ද ඇතුළත් විය.

සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ BIMSTEC කාර්ය සාධක බලකායේ (හත්වන BTFTM) හත්වන රැස්වීම ශ්‍රී ලංකාවේදී .. Read More »

උපාධිධාරීන් 303 දෙනෙක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයට බඳවා ගැනේ..

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 දෙනෙකුට ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය වෙත බඳවා ගැනීමේ නව පත්වීම ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  2025.11.03 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ  දී  සිදු කෙරිණි.

උපාධිධාරීන් 303 දෙනෙක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයට බඳවා ගැනේ.. Read More »

හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර දී….

2025 සිංහල දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර නාථ දේවාල පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් මෙවර පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත මෙම උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික නාථ දේවාල විහාරවාසී ඇටිපොළ මහින්ද ස්වාමීන් වහන්සේගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී (05) පැවැත්විණී. එළැඹෙන අප්‍රේල් මස 16 වන දින උදෑසන 09.04 ට යෙදෙන නැකත් චාරිත්‍රයට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නාථ දේවාල පරිශ්‍රයේ දී මෙම චාරිත්‍ර සිදු කිරීමට නියමිතය. මීට සමගාමීව අලි ඇතුන් සඳහා හිස තෙල් ගැල්වීම ද සිදු කෙරේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආයූර්වේද දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව ශ්‍රී දළදා මාළිගාව , මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහනගර සභාව, මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා ත්‍රිවිධ හමුදා යන ආයතනයන්ගේ දායකත්වයෙන් මෙම ජාතික මහෝත්සවය පැවත්වීමට නියමිතය. මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන ,ශ්‍රී මහා නාථ දේවාලයේ බස්නායක නිලමේ එස්. බණ්ඩාරනායක, පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් අටම්පාවල පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් හා ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජනය කරමින් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර දී…. Read More »

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන්

පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කිරීම සහ පාරම්පරික වෛද්‍යවරයාගේ ජීවන තත්වය නඟා සිටුවීමේ අරමුණින් සිදු කරනු ලබන ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව පවත්වන දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන් 2025.02.13,14 දිනයන්හි යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් යාපනය අච්චුවේලි ඖෂධ නිෂ්පාදන ඒකකයේ දී ද, අච්චුවේලි ඔසු උයන් පරීශ්‍රයේදී සහ 2025.02.15 දින මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාරම්පරික වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. මෙහිදී ආයුර්වේද ඖෂධ භාවිතයේ සුරක්ෂිතභාවය, ගුණාත්මක බව සහතික කර ගැනීමේ ක්‍රමවේදයන් හඳුන්වා දීම, ඖෂධ සඳහා අවැසි නිවැරදි අමුද්‍රව්‍ය සහ ප්‍රතිනිධි හඳුනා ගැනීම, ඖෂධීය ශාක වගාව හා අස්වනු නෙලීම සම්බන්ධයෙන් නීතිමය හා තාක්ෂණික අවශ්‍යතාවයන් පිළිබඳව මෙන්ම ඔසු උයන් ඵලදායී ලෙස නඩත්තු කිරීම යන කරුණු සම්බන්ධයෙන් එම වෛද්‍යවරුන් දැනුවත් කිරීමට කටයුතු සිදු කරන ලදී. මීට අමතරව උතුරු පළාත තුල දේශීය වෛද්‍ය ක්‍රමයන් සඳහා අවශ්‍ය ඖෂධ වගාව සම්බන්ධයෙන් වූ සැලසුම් පිළිබඳව ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් කිළිනොච්චි, කල්මඩුනගර ඔසු උයන් පරීශ්‍රයේදී සහ නිරෝගිමත් සමාජයක් නිර්මාණය කිරීමට ඉවහල් වන සහයෝගී සත්කාර සේවාව මහජනතාව වෙත ලඟා කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් පළාත් සෞඛ්‍ය ලේකම්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ දේශීය වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සංවිධානය කර තිබුණි.  

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන් Read More »

ඔසු වගාවට දිරි දෙන, ආර්ථිකය ගොඩනගන “සුව ධරණී” ඔසු ගොවි ගම්මාන…

දේශීය ඖෂධ අමුද්‍රව්‍ය  අවශ්‍යතාවය දේශීයව සපයා ගනිමින් අමුද්‍රව්‍ය ආනයනයට වැයවන විනිමය දේශීයව ඉතිරි කරලීමින් දේශීය ආර්ථිකයට සවියක් වීමටත්, සමෘද්ධි ලාභී පවුල් ඒකකයන් හී ආර්ථිකය ගොඩනැගීමේ අරමුණින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම පිළිබඳ විශේෂ  සාකච්ඡාවක්  2024.06.24 දින පැවැත්විණ. සමෘද්ධි ලාභී පවුල් ඒකක ඔසු වගාවට යොමු කරලමින් සිය නිෂ්පාදන උදෙසා සහතික මිලක් ලබාදෙමින් පවුලේ ආර්ථිකය සවිමත් කරලීම මෙන්ම ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම  උදෙසා  දීප ව්‍යාප්තව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය …

ඔසු වගාවට දිරි දෙන, ආර්ථිකය ගොඩනගන “සුව ධරණී” ඔසු ගොවි ගම්මාන… Read More »

උපාධිධාරීන් 204 කට සීමාවාසික පුහුණු පත්වීම්

දිවයිනේ පිහිටි දේශීය වෛද්‍ය පීඨ 4ක උපාධිධාරීන් 204 දෙනෙකු සදහා සීමාවාසික වෛද්‍ය පුහුණුව සදහා පත්වීම් පිරිනැමීම  2024.06.03 දින මහරගම නාවින්නේ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයනයේදී සිදුකෙරිනි. දිවයිනේ පිහිටි ආයුර්වේද රෝහල් 105 ක් තුළ වසරක සීමාවාසික පුහුණුව සදහා පත්වීම් ලද මෙම පුහුණු ලාභීන් වෙත මාසිකව රුපියල් 66,750 ක සීමාවාසික පුහුණු දීමනාවක් රජය මගින්   ලබාදෙනු ලබයි. ක්‍රමානුකූලව සියලු සීමාවාසික පුහුණු අපේක්ෂිතයින් වෙත  සීමාවාසික පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙළක් මේවන් විට ක්‍රියාවට නංවා  ඇති අතර එළඹෙන අගෝස්තු මාසයේ තවත් කණ්ඩායමක් වෙත සීමාවාසික පුහුණුව ලබාදීමට නියමිතය.

උපාධිධාරීන් 204 කට සීමාවාසික පුහුණු පත්වීම් Read More »

මඩකලපුව සහ අම්පාර දිස්ත්රිසක් ආයුර්වේද සංරක්ෂණ සභා සව්බල ගැන්වීමේ ජාතික වැඩසටහන්

පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කිරීම සහ පාරම්පරික වෛද්‍යවරයාගේ ජීවන තත්වය නඟාසිටුවීමේ අරමුණින් සිදු කරන ලබන ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව පවත්වන දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ තවත් වැඩසටහන් ද්විත්වයක් 2024.05.29 සහ 30 දෙදින මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ අම්පාර දිස්ත්‍රක්යේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාරම්පරික වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. මෙහිදී, එම වෛද්‍යවරුන් මුහුණපා ඇති ගැටළු නිරාකරණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හඳුනාවාදීම සහ ඖෂධ නිෂ්පාදනය හා ඒ හා සැබැඳි ගුණාත්මක තත්වය ඉහල නංවාලීමේ ක්‍රමවේදයන් පිළිබඳ දැනුවත් කිරීම සිදු කරන ලදී. මීට අමතරව බෝ නොවන රෝග පාලනය සඳහා පෝෂණීය මැදිහත් වීම යටතේ මහජනතාව දැනුවත් කිරීම සඳහා වස විසෙන් තොර පෝෂණීය දේශීය ආහාර ජනතාව අතරේ ප්‍රචලිත කිරීමේ අරමුණින් පවත්වන ලද ආහාර ප්‍රදර්ශණයක් සහ පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැමිණි සිටි මහජනතාව සඳහා වෛද්‍ය සායනයක් ඇතුළු වැඩසටහන් මාලාවක් එම දෙදින තුල සංවිධානය කර තිබුණි.  

මඩකලපුව සහ අම්පාර දිස්ත්රිසක් ආයුර්වේද සංරක්ෂණ සභා සව්බල ගැන්වීමේ ජාතික වැඩසටහන් Read More »

ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව සඳහා ප්‍රතිපාදන

දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වල ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව ජූනි මස අවසාන සතියේ ආරම්භ කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අදාල පාර්ශවයන් විසින්  එකඟතාවය ඵල කර ඇත. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ විශේෂ ඉල්ලීම මත ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ මූලිකත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමන්, මුදල් රාජ්‍ය අමාත්‍යතුමන් සමග 2024.05.13 දින පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදී  මෙලෙස සීමාවාසික පුහුණුව සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ලබාදීමට එකඟතාවය පළ කර ඇත. එහිදී  ආයුර්වේද වෛද්‍යවරුන්ගේ විශේෂ දීමනා ගෙවීම සම්බන්ධයෙන්ද ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළඹ ඇත.

ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව සඳහා ප්‍රතිපාදන Read More »

හෙළ වෙද රුවනාර වැඩසටහන යටතේ වයස අවුරුදු 70 ඉක්මවූ කෘතහස්ත පාරම්පරික වෛද්‍යවරුන් වෙත ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ….

ශ්‍රී ලංකාවේ  පාරම්පරික වෛද්‍ය උරුමයන් සුරක්ෂිත කරලීමේ අරමුණින් වයස අවුරුදු  70 ඉක්මවූ කෘතහස්ත පාරම්පරික වෛද්‍යවරුන් වෙත ආයුර්වේද වෛද්‍ය සභාවේ  ලියාපදිංචිය ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ක්‍රියාවට නංවා තිබේ . ඒ අනුව සුවිශේෂී වෛද්‍ය ප්‍රතිකාරයන් තුළින් රෝගීන් සුවපත් කරලන වයස අවුරුදු 70 ඉක්මවූ සුදුසුකම් සපුරාලන ලද මාතලේ දිස්ත්‍රික්කයේ කෘතහස්ත පාරම්පරික වෛද්‍යවරුන් 5 දෙනෙකු වෙත ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතික පත් පිරිනැමීම මාතලේ තැන්න ආයුර්වේද රෝහලේදී 2024.05.11 දින දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  සිදුකෙරින. ආයුර්වේද වෛද්‍ය සභාවේ සේවාවන් වඩාත් පුළුල් කරලීමින් පාරම්පරික වෛද්‍යවරයා වෙත ගොස් එහි සේවාවන් ලබාදීමේ වැඩපිළිවෙළ මත මාතලේ දිස්ත්‍රික්කයේ පාරම්පරික සර්වාංග රෝග එක් වෛද්‍යවරයකු වෙත මෙන්ම කැඩුම් බිඳුම් වෛද්‍යවරුන් තුන්දෙනෙකු සහ සර්ප විෂ වෛද්‍යවරයෙකු  වෙත  ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම එහිදී සිදුවිය.

හෙළ වෙද රුවනාර වැඩසටහන යටතේ වයස අවුරුදු 70 ඉක්මවූ කෘතහස්ත පාරම්පරික වෛද්‍යවරුන් වෙත ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය …. Read More »

“Ayur Ex” ජාත්‍යාන්තර පර්යේෂණ එළිදැක්ම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයින්ට ගෝලීය වේදිකවක්……..

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය දේශීයව මෙන්ම ජාත්‍යන්තරමය වශයෙ ප්‍රචලිත කරලීමත්, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයින්ට ගෝලීය වේදිකාවක් තැනීමේ අරමුණින්  පවත්වන “Ayur Ex” ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්ම 2024.05.03 කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ UCFM Tower ප්‍රධාන ශාලාවේදී ආරම්භ කෙරිණ. දේශීය වෛද්‍ය අංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශය ඒකාබද්ධව සංවිධානය කරන මෙම ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්ම මැයි මස 3,4 සහ 5 යන තෙදින කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ UCFM Towerහිදී පවත්වනු ලබයි. දේශීය මෙන්ම ජාත්‍යන්තර මය වශයෙන් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ සිදුකළ පර්යේෂ‍යන්හී පර්යේෂණ පත්‍රිකා 270කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වන මෙම “Ayur Ex” ජාත්   ‍යන්තර පර්යේෂණ එළිදැක්ම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ දැනුම හුවමාරු වන ගෝලීය වේදිකවක් වනු ලබයි.

“Ayur Ex” ජාත්‍යාන්තර පර්යේෂණ එළිදැක්ම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයින්ට ගෝලීය වේදිකවක්…….. Read More »

Scroll to Top