2026 වර්ෂයේ හිසතෙල් ගැල්විමේ මංගල්‍යෙයේ ජාතික මහොත්සවය…

2026 සිංහල හා දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන හිසතෙල් ගැල්වීමේ මංගල්‍යෙයේ ජාතික මහොත්සවය මහනුවර ශ්‍රි නාථ දේවාල පරිශ්‍රෙය් දී ගරු ජනාධිපති අනුර තුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  2026.04.15 දින පූර්ව භාග 6.55ට යෙදුනු සුභ මුහුර්තයෙන් පවත්වන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව , ශ්‍රි දළදා මාලිගාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහ නගර සභාව, මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා ත්‍රිවිධ හමුදාව යන ආයතනයන්ගේ දායකත්වයෙන් මෙම ජාතික උත්සවය පැවැත්විනි.

නාථ දේවාල පරිශ්‍රෙය් දී සියලු චාරිත්‍රානු කූලව පැවති මෙම උත්සවයේ දී අලි ඇතුන් සඳහා  හිසතෙල් ගැල්වීම ද සිදුවිය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු නලින්ද ජයතිස්ස මැතිතුමා , මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මැතිතුමා  ඇතුළු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරින්  සහභාගිවිය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Scroll to Top