Ayur – Ex Colombo 2023

ගරු දේශීය වෛද්‍ය රාජ්‍යඅමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද  “Ayur – Ex Colombo 2023” දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය 2023 සැප්තැම්බර් 08,09,10 BMICH හිදී අතිසාර්ථක අන්දමින් පවත්වන ලදී.  මෙහිදී දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ නවීනතම පර්යේෂණ එළි දැක්වීම, නව නිපයුම් එළිදැක්වීම සහ ඒ පිළිබඳ  විශේෂඥතාවයක්  ලබාගැනීමට හැකිවීම, දැනුම සහ කුසලතා බෙදාහැරිම සඳහා ගෝලීය වේදිකාවක් සැපයීම වැකි අරමුණු මේ තුළින් සාක්ෂාත් කර ගන්නා ලදී.  දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ කැපවූ ලොව පුරා සිටින පාර්ශවකරුවන් ප්‍රවීණයන් හා වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වුණු අතර, දේශීය වෛද්‍ය ක්‍රමවල පවතින විභවතාවයන් හඳුනාගැනීම, සහයෝගයෙන් කටයුතු කිරීම හා පර්යේෂණයන් කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමද මේ තුළින් සිදු විය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Scroll to Top